අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Bill Crowder

බිල් ක්‍රවුඩර්

බිල් ක්‍රවුඩර් අපගේ දිනපතා භෝජනය සේවය සමග හවුල් වන්නේ වසර 20ට වැඩි කලක් දේවගැති සේවයේ නිරතවීමෙන් අනතුරුවය. බිල් ක්‍රවුඩර්, මාර්ට් ඩි හාන් සමග සමීපව වැඩ කරනු ලබන්නේ ඉගැන්වීම් අංශයේ උප සභාපතිවරයා ලෙසය. ඊට අමතරව බිල් ඔහුගේ බොහෝ කාලයක් වැය කරන්නේ ලොව වටා සිටින කිතුනු නායකයින් හට බයිබලය ඉගැන්වීමේ සේවයේ යෙදීමටය. ඔහු ඩිස්කවරි දැණුම පොත් පෙළට බොහෝ පොත් රචනා කර ඇති අතර ඩිස්කවරි හවුස් මගින් පොත් කීපයක් ප්‍රකාශයට පත් කර ද ඇත. බිල් සහ ඔහුගේ භාර්යාව මැර්ලීන් හට දරුවන් පස් දෙනෙකු සිටින අතර දරු මුනුපුරන් කීපදෙනෙකුද සිටින බව ඔබට පැවසීමට ඉතා උද්යෝගී වෙයි.

බිල් ක්‍රවුඩර් විසින් රචිත ලිපි

ප‍්‍රීතියේ හදවත

මගේ ගුවන්යානයට ගොඩ වීම සඳහා සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළේ අවසන් දොරටුව අසල සිටින අතර මම තරුණ පවුලක් දුටුවෙමි. පියා, මව සහ පුත‍්‍රයා එහි විය. සෙනඟ වැඩි බැවින් ඔව්හු වාඩි වීමට ස්ථානයක් සෙව්වෝය. එක්වරම කුඩා පිරිමි දරුවා නත්තල් ගීතිකාවක් ගැයීමට පටන්ගත්තේය. ඔහුට වයස 6ක් පමණ විය. ඔහු සියලු වචන දැනගෙන සිටීම ගැන මම පුදුම වීමි.

මාගේ අවධානය වඩාත් යොමුවූයේ ඔහුගේ මුහුණේ…

අරමුණක් ඇති වේදනාව

ඔවුන්ගේ ජීවිත තුළ අත්දැක්කාවූ ඉතාමත් වේදනාකාරී අත්දැකීම කුමක්දැයි මම මාගේ මිතුරන් කිහිපදෙනෙකුගෙන් ඇසීමි. ඔවුන්ගේ පිළිතුරු වලට යුද්ධය, දික්කසාදය, ශල්‍යකර්ම සහ පේ‍්‍රමකරන අයෙකු අහිමිවීම ඇතුලත් විය. මාගේ භාර්යාවගේ පිළිතුර වූයේ "අපේ ප‍්‍රථම දරුවාගේ උපත" යන්නය. එය පාළු යුධහමුදා රෝහලක විඳි අසීරු දීර්ඝ වේදනා සහගත ප‍්‍රසූතියක්වි ය. එහෙත් නැවත හැරී බලද්දී ඇය එය සලකන්නේ ප‍්‍රීතියක් ලෙසය. "ඊට හේතුව එම වේදනාවට විශාල අරමුණක්…